චෞර රැජින චන්ද්රිකා.chaura rejina

174

Upload: apepoth

Post on 21-Nov-2015

709 views

Category:

Documents


35 download

DESCRIPTION

චෞර රැජින | Chaura Rajinaහිටපු ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ දේශපාලන ජීවිතයේ තිරයෙන් පිටුපස සිදුවීම් වල ඇත්ත නැත්ත සාකච්ඡා කරන කෘතියකි. අනු හතරේ බලයට පත් වූ දා පටන් එතුමියගේ දේශපාලන ජීවිතයේ අප දුටු සිදුවීම් කිහිපයක් මෙම පොතෙන් විස්තර කරයි. එසේම ඔබ මෙතෙක් වීරවරියක් ලෙස සිතා සිටි එතුමියගේ චරිතය තුළ අළු පාටින් ඉරි ඇඳීමක් සිදුවන කෘතියක් බව කිය යුතුම ය.චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගැන පළවී ඇති කරුණු විශ්වාස කරන්නත් අපහසුය. එහෙත් ඇය මේ පොතට විරුද්ධව කිසිම අභියෝගයක් නොකළ නිසා මෙහි තිබෙන කරුණු බොහෝසෙයින් නිවැරදි විය හැකිය. ඇරත් අයිවන් චන්ද්‍රිකා මැතිනිය කලක් සමීපව ආශ්‍රය කළ අයෙකි. මේ නිසා ඔහු මේ කරුණු හෙළි කරන්නේ යම්කිසි පදනමක් ඇතුව විය හැක.මෙය අයිවන් විසින් ලියන ලද පුවත්පත් වාර්තා කිහිපයක එකතුවක් පමණි. එහෙත් නිර්භයව මෙවන් කරුණු හෙළිකිරීමට අයිවන්ට තිබූ ශක්තිය අගය කළ යුතුය. රාජ්‍ය නායකයින් වගකීම් රහිතව ක්‍රියා කරන විට ඒවා රටට හෙළි කිරීම ජනමාධ්‍ය වේදීන්ගේ වගකීමයි. චන්ද්‍රිකා වැනි 62% ක ජනාධිපතිවරණ ජනප්‍රසාදයක් සමග බලයට පැමිණි නායිකාවක් මේ මට්ටමට ඇදවැටීම ඇගේ පමණක් නොව ජාතියේද අවාසනාවකි.මෙම පොතේ කතෘ වන වික්ටර් අයිවන් ගැන යමක් පවසනවා ඔහු කලක් රාවය පුවත්පතේ කතෘ ලෙස සේවය කල අයෙකි. ග්‍රන්ථ නාමය - චෞර රැජිනලේඛකයා - වික්ටර් අයිවන් පිටු - 184ක් වේ.ග්‍රන්ථ අංකය -ISBN 955-1468-03-1ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.මාධ්‍යවේදි වික්ටර් අයිවන්ගේ ලේඛණ රටාව ඔස්සේ සත්‍යය සිදුවීමක අප නොදන්නා පැතිකඩ ගැන දැන ගන්න චෞර රැජිණ පොත කියවන්න. මෙය දිවයිනේ ඇති සියළුම සරසවි පොත් හල් වලින් මිලදී ගත හැකි ය.